පොදුජන පෙරමුණේ අපේක්ෂකයන් තෝරති


රන්න චන්ද්‍රසේන ගමගේ සහ බෙලිඅත්ත පද්මසිරි කාරියවසම්

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ප්‍රාදේශීය සභා මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ අද (25)  තංගල්ල ගෞතම විද්‍යාල පිරිවෙන් විහාරයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මියගේ හා පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් විණි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රාදේශීය සභා 10 ක්  සඳහාත් තංගල්ල හා හම්බන්තොට නගර සභාව සදහාත් අපේක්ෂකයන් තෝරා ගැනීම සදහා සම්මුඛ පරීක්ෂණ පැවැත්විණ.

පසු ගිය ප්‍රාදේශීය සභා සහ නගරසභා  පාලන කාලය තුළ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ බහුතරයක් අද දින පොදුජන පෙරමුණේ අපේක්ෂකත්වය අපේක්ෂාවෙන්  ගෞතම විද්‍යාල පිරිවෙන් විහාරයට පැමිණ සිටියහ.