පොලිසිය බලා සිටියදී නීති බිඳ දමමින් ගිය වාහන පෙළපාලියක්


(කල්පිටිය පද්මා කුමාරී කංකානම්ගේ)


කල්පිටිය නගරයේ නාච්චිකල්ලිය ප්‍රදේශයේ පාලවිය කල්පිටිය ප්‍රධාන මාර්ගයේ, යතුරු පැදි හා වාහන පෙලපාළියක් පැවැත්විණි. හිස් ආවරණ රහිත යතුරු පැදිකරුවන් මෙන්ම, යතුරු පැදි මත නැගී විවිධ ඉරියව් නිරූපණය කරන්නන් ද විය.


ජාතික යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානයට,  මුල් ගල් තැඹීම සදහා,පැමිණි ජාතික ප්‍රතිපත්ති හා  ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝශන පෙරේරා මහතා පිළිගැනීමට හා සුභ පැතීමට මෙම පෙළපාලිය සංවිධානය කර තිබූ බැව් ප්‍රදේශයේ ජනතාව පවසයි.


මේ පිළිබදව කල්පිටිය පොලිසියෙන්  කළ විමසීමේදී, එවැනි පෙළපාලියකට පොලිසියෙන් අවසර ලබාදී නැති බවත්, හදිසි නීතිය ද ක්‍රියාත්මකවන පසුබිමක මෙවැනි පෙළපාලි පැවැත්වීම නීතිවිරෝධී බවත් පොලිසියේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.