පොසොන් පොහෝදා අනුරපුරය සුදුවතින් බබළයි


(දයාරත්න ඇඹෝගම)

ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඇතුළු අටමස්ථානය වැද පුදා ගැනීම සඳහා දිවයිනේ නන් දෙසින් සැදැහැවතුහු විශාල පිරිසක් පොසොන් පුන් පොහෝ දින අනුරාධපුරයට එක්ව සිටියහ.

පොසොන් පුන් පොහෝ දින අලුයම සිට  ශ්‍රී මහා බෝධිය ඇතුළු අටමස්ථානයේ දාන, ශීල, භාවනා, ධර්ම දේශනා ඇතුළු ආගමික වතාවත් රැසක් අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස හිමියන්ගේ අනුශාසන මත පැවැත්විණි.

අනුරාධපුර නගරයේ මෙන්ම පුජනීය ස්ථානවල ආරක්ෂාව තර කර තිබිණි.