පෞද්ගලික පාසලක විදුහල්පතිනියට එරෙහිව මව්පියෝ පාරට බසිති


(චන්දන ප්‍රනාන්දු)

වෙන්නප්පුව ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික පාසලක විදුහල්පතිනියගේ අන්තෝනමතික ක්‍රියා කලාපයට හා කාලයක සිට පාසලේ පරිපාලනය බිඳ වැටිමට එරෙහිව එම පාසලේ ඉගෙනුම ලබන දරුවන්ගේ මාපියෝ අද(8) කොළඹ හලාවත ප්‍රධාන මාර්ගයේ එම පාසල ඉදිරිපිට සාමකාමි විරෝධතාවක නිරත වූහ.                       
වසරක පමණ කාලයක සිට පාසලේ අධ්‍යාපන හා විනය බිඳ වැටෙමින් තිබෙන බවත් විදුහල්පතිනියගේ ක්‍රියා කලාපය හේතුවෙන් දිනෙන් දින පළපුරුදු ගුරුවරුන් හා දක්ෂ දරුවන් පාසල හැර යන බවත් පාසැලේ දරුවන්ට ආදර්ශමවත්ව සිටිය යුතු විදුහල්පතිනියගේ අවිධිමත් කටයුතු නිසා තම දරුවන් අනාගතය විශාල අවදානමකට ලක් වි තිබෙන බවත් දෙමාපියෝ කියති.
චෝදනා සම්බන්ධයෙන් විදුහල්පතිනි කුමුදුනි තිසේරා මහත්මියගෙන් විමසිමසීමට උත්සහ කළත් එය සාර්ථක නොවීය.