බංගලාදේශයේදී මහින්දට උණුසුම් පිළිගැනීමක්


(ඩයනා උදයංගනී)

දෙදින නිල සංචාරයක් සඳහා බංගලාදේශයට ළඟාවූ  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දූත පිරිස එරට අග්‍රාමාත්‍ය ෂීක් හසීනා මහත්මිය  මහත්හරසරින් පිළිගනු ලැබුවාය.

අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් ඩකා හි හස්රත් ෂාජලාල් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී හමුදා උත්තමාචාර සහිත විශේෂ පිළිගැනීමක් පැවැත්විණි.