බණ්ඩාරනායක ගුණ සැමරුම හොරගොල්ල සමාධිය අසළදී


(ඩයනා උදයංගනී)
 
දිවංගත අග‍්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඞී බණ්ඩාරනායක මහතාගේ 60 වැනි ගුණ සැමරුම නිට්ටඹුව, හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අභියසදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (26) පෙරවරුවේ පැවැත්විණි.
 
දිවංගත අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ 19 වැනි ගුණ සැමරුම හා හිටපු කතානායක අනුර බණ්ඩාරනායක මහතාගේ 11 වැනි ගුණ සැමරුම් ද මීට සමගාමීව පැවැත්විණි.
 
පැන් වඩා බණ්ඩාරනායකවරුන්ට පිං පැමිණවීම, බණ්ඩාරනායක සමාධියට පුෂ්පෝපහාර දැක්වීම, ආබාධිත ජනතාව වෙනුවෙන් රෝද පුටු පරිත්‍යාග කිරීම, දෘෂ්‍යාබාධිත ප‍්‍රජාව වෙත වියළි ආහාර පිරිනැමීම ඇතුළු කටයුතු රැසක් මෙහිදී සිදුකෙරිණි.
 
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, කතානායක කරු ජයසූරිය, මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා, මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
                                   
(ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා )