බණ්ඩාරනායක ගුණ සමරුව හොරගොල්ලේදී


(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ, දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ 58 වැනි ගුණ සමරු උත්සවය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) පෙරවරුවේ හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසල දී පැවැත්විණි.

ඒ හා සමගාමීව ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වූ දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ සහ දිවංගත අනුර බණ්ඩාරනායක මහතාගේ ද ගුණ සිහි කෙරිණි.

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මීන් විසින් ප්‍රථමයෙන් සමාධියට පුෂ්පෝපහාර දැක්වූ අතර  අනතුරුව ජනාධිපතිපතිවරයා ද ඊට එක්විය.

හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා ඇතුඑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් ද සමාධියට පුෂ්පෝපහාර දැක්වූහ.

සර්ව ආගමික ආශිර්වාද මධ්‍යයේ අද පෙරවරුවේ උත්සවයේ කටයුතු ආරම්භ කෙරුණු අතර නියංගොඩ විජිතසිරි මල්වතු පාර්ශ්වයේ අනුනායක  හිමියන් විසින් පිරිස පංචශීලයේ පිහිටවනු ලැබූහ.

කොටුගොඩ ධම්මාවාස අමරපුර මහානිකායේ මහානායක හිමියන් විසින් පුණ්‍යානුමෝදනාව සිදු කළහ.