බණ්ඩාරනායක ගුණ සැමරේ


 (පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ උපාලි රණවීර)

දිවංගත එස්. ඩබ්ලියු ආර් ඩි බණ්ඩාරනායක මහතාගේ 59 වැනි ගුණසමරු උත්සවය අද 26 නිට්ටඹුව හොරගොල්ල සමාධිය පරිශ‍්‍රයේදී පැවැත්විණි.


බණ්ඩාරනායක පවුලේ සාමාජිකයන් ,  කතානායක කරු ජයසූරිය මහතා ඇතුලූ දේශපාලන පක්ෂ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන්  උත්කර්ෂවත් අන්දමින් මෙම උත්සවය  පැවැත්විණි.

දිවංගත එස්.ඩබ්ලියු.ආර්.ඞී බණ්ඩාරනායක අගමැතිතුමාගේ 59 වන ගුණසමරුවට සමගාමීව ලෝකයේ ප‍්‍රථම අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ 18 වන ගුණසමරුවත් හිටපු කථානායකවරයෙකු වු අනුර බණ්ඩාරනායක මහතාගේ 10 වන ගුණසමරුවත් වෙනුවෙන් බණ්ඩාරනායක සමාධි පදනම මගින් මෙම ගුණසැමරුමි උළෙල සංව්ධානය කර තිබුණි.