බණ්ඩාරනායක පිළිරුවට පුෂ්පෝපහාර දක්වයි


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ 121 වැනි ජන්ම දිනය වෙනුවෙන් අද (8) උදෑසන ගාලුමුවදොර පිහිටි බණ්ඩාරනායක මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම සිදු කෙරිණි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, කර්මාන්ත රාජ්‍ය ඇමැති  දයාසිරි ජයසේකර, තරුණ කටයුතු  රාජ්‍ය ඇමැති  දුමින්ද දිසානායක, ප්‍රවාහන සේවා කළමනාකරණ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර යන මහත්වරු  ඇතුළු  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  විශාල පිරිසක් මෙම අවසථාවට එක්ව සිටියහ.


 ඡායාරූප-  ගයාන් අමරසේකර