බදුල්ල කුණු කන්දේ කුණු වෙන් කරති


( ප්‍රසන්න පත්මසිරි)
 
බදුල්ල කුණු කන්දේ නොදිරන ද්‍රව්‍ය වෙන් කිරීම අද ( 19)  පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ නිළධාරින් ඇතුලු සේවකයින්ගේ  ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
 
පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය, අධ්‍යාපන දෙපාර්තමේන්තුව, පළාත් පාලන කොමසාරිස් කාර්යාලය, බදුල්ල මහ නගර සභාව, ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව ඇතුලු ප්‍රධාන අමාත්‍යාංශයට අයත් දෙපාර්තමේන්තු ආයතනවල නිලධාරීහු  කුණු කන්දේ තිබෙන ප්ලාස්ටික්, පොලිතීන්, වීදුරු බෝතල්, ටින් ඇතුළු  නොදිරන ද්‍රව්‍ය එකිනෙක වෙන් කළහ.
 
කාර්යාල රාජකාරීවලින් අද  දිනයේදි බැහැර වු නිලධාරීන් ඇතුලු සේවකයින් කසල තේරීම කළ අතරදිනකට බදුල්ල නගර සීමාවේ නිවෙස් ඇතුළු ආයතන වලින් කසල ටොන් 23ක් කුණු කන්දට බැහැර කිරීමෙන් කසළ ටොන් 75000ක් පමණ ගොඩ ගැසී ඇති බව  නගර සභාව කියයි.
 
ඌව පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතාගේ සංකල්පයක් මත කුණු කන්ද බදුල්ලෙන් ඉවත් කිරීමේ වැඩ සටහන ආරම්භ කර සති දෙකක් තුළදී නොදිරන ද්‍රව්‍ය ටොන් හයක් පමණ මේ වන විට වෙන්කර අක්කර බාගයක පමණ භුමි ප්‍රමාණයක් පිරිසිදු කර තිබේ.
 
කුණු ගොඩින් එකතු කළ නොදිර ද්‍රව්‍ය කර්මාන්තශාලා සදහා ලබාදීමටද නියමිතය.
 
බදුල්ල නගරයට වසර 40ක කාලයක් තිස්සේ ප්‍රශ්නයක්ව තිබු කුණු කන්ද ඉවත් කර වැවක් සහ උද්‍යානයක්ස්ථාපිත කරන බව ආණ්ඩුකාර සම්බන්ධීකරණ ලේකම් අනුරාධ තෙන්නකෝන් මහතා පැවසීය.
 
බදුල්ල නගරාධිපති ප්‍රියන්ත අමරසිරි,ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් සන්ධ්‍ය අඹන්වෙළ,පළාත් පාලන කොමසාරිස් මංගල විජේනායක, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ප්‍රියදාස රත්නායක යනමහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ නිලධාරීහු සහ සේවකෙයා් මෙම කටයුතු සිදු කළහ.