බස්නාහිර මහ ඇමැති කාර්යාලයේ දී පැල සිටුවයි - පැල බෙදයි


(ජයමාල් චන්ද්‍රසිරි)

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය ‘එක්ව නැගිටිමු - අටුකොටු පුරවමු‘ වැඩසටහනට සමගාමීව ශක්තියක් වෙමින් බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේ දී අද(11) බෝග පැල සිටුවීම හා බෙදාදීම සිදුකෙරිණි.

බස්නාහිර මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්විණි.