බස්රථ එක තීරුවක පමණක් ධාවනය වන නියමු ව්‍යාපෘතිය අද සිට


(ඩයනා උදයංගනී)

කොළඹ නගරයේ රථ වාහන තදබදය අවම කිරීමේ අරමුණින් බස් රථ ධාවනය සඳහා වෙනම මංතීරුවක් (බස් ප‍්‍රමුඛතා මංතීරු) හඳුන්වාදීමේ නියමු ව්‍යාපෘතිය රාජගිරිය මංසන්ධියේ සිට බොරැල්ල ආයුර්වේද මංසන්ධිය දක්වා අද (12) සිට ක‍්‍රියාත්මක කෙරිණි.

අත්හදා බැලීමක් වශයෙන් මෙම ව්‍යාපෘතිය අද සිට සතියක කාලයක් ක‍්‍රියාත්මක කිරීමට නියමිතය.

ඒ අනුව මෙම ප‍්‍රමුඛතා මංතීරුව ඔස්සේ බස් රථ, පාසල් සිසුන් ප‍්‍රවාහනය කරන රථ මෙන්ම කාර්යාලයීය සේවකයින් ගෙන යන වෑන් රථ ආදී පොදු ප‍්‍රවාහන සේවාවන් සඳහා පමණක් ඉඩකඩ සලසා ඇත.

පෞද්ගලික වාහනවල පැමිණෙන අයට මෙයින් අපහසුතාවක් ඇතිවුවහොත් ඉවසීමෙන් කටයුතු කරන්නැයි මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය ඉල්ලීමක් කරයි.