බ්‍රසීල තානාපති කාර්යාලය ඉදිරිපිට නිහඬ විරෝධතාවයක්


බ්‍රසීලයේ ඇමේසන් වනාන්තරයේ හටගෙන ඇති ලැව්ගිනි නිවාදමන්නට එරට රජය නිසි ක්‍රියා මාර්ග නොගෙන ඇති  බව පවසමින් වෙනසක තාරුණ්‍යය සංවිධානය කළ නිහඬ විරෝධතාවයක් අද (27) සවස කොළඹ  රොස්මීඩ් පෙදෙසේ පිහිටි බ්‍රසීල තානාපති කාර්යාලය ඉදිරිපිටදී පැවැත්විණි.

එහිදී ඔවුන් බ්‍රසීල තානාපති කාර්යාලයට ලිපියක් ද භාරදී ඇත.

(ඡායාරූප - චතුර එස්. කොඩිකාර)