බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරු පිරිසක් උතුරු ආණ්ඩුකාරවරයා හමුවෙති


මහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් සහ උතුරු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා අතර හමුවක්   යාපනයේ ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණි.
 
ජනවාර්ගික සමගිය හා සංහිඳියා වැඩපිළිවෙළ ගැන එහිදී ඔවුහු දීර්ග ලෙස සාකච්ඡා කළහ.
 
උතුරු පළාතේ ඇතිවී තිබෙන සංවර්ධය ගැන බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරු සිය සතුට පළ කළහ.