බැතිමත්හු උතුරේ සිට කතරගමට පයින් යති



                   


(රොමේෂ් මධුෂංඛ)  

                                                   
කතරගම දෙවියන් උදෙසා පූජාවන් සිදුකිරීමට පයින්ම උතුරේ සිට කතරගම දක්වා දින ගණනාවක් ගමන් කරන පිරිස් මේ දින වල ඒ-9 මාර්ගයේ ඇතුළු ප්‍රදේශ කිහිපයකදී දැක ගැනීමට හැකිය.


එසේ යාපනය තොණ්ඩමන්ආරු ප්‍රදේශයේ ජිවත්වන බැතිමතුන් පිරිසක් කැළෑ මාර්ග ඔස්සේ පයින්ම ගමන් කරමින් යාපනය, කොඩිකාමම්, පුදුකුඩිඉරිප්පු, කෝකිලායි, කොක්කුතුඩුවායි, පුල්මුඩේ, තිරියාය, ත්‍රිකුණාමලය,මඩකලපුව ,අම්පාර, උහන හරහා කතරගම ‍‍දේවාලයේ කොඩි එසවීමේ මංගල්‍යය වෙත ගමන් කරන අයුරු දැක ගැනීමට ලැබේ.  


උහන ප්‍රදේශයේ සිට ලඳු කැළෑ මාර්ග ඔස්සේ කිලෝමීටර 94 ක දුරක් ගමන් කරමින් කතරගම දේවාලය වෙත පිවිසීමට මෙසේ කතරගම දක්වා ගමන් කරන බැතිමතුන්ට සිදුව ඇත.


කතරගම දක්වා ගමන් කරන උතුරේ බැතිමතුන් ජූලි 13 වැනි දාට පෙර ගමන් කිරීමට පියවර ගෙන ඇති අතර එහිදී කතරගම දේවාලයේ  පැවැත්වීමට නියමිත කොඩි එසවීමේ මංගල්‍යයට සහභාගී වීමට නියමිතය.