බීජිං විශ්ව විද්‍යාලයෙන් බන්දුලට දර්ශනශූරි උපාධියක්


නාලක දහනායක
 
පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතාට චීනයේ බීජිං විදේශ අධ්‍යයන විශ්ව විද්‍යාලයෙන් දර්ශනශුරී උපාධිය පිරිනැමීමේ උත්සවය එම විශ්වවිද්‍යාලයේ උපකුළපති මහචාර්ය ජිය වෙන්ජියන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ , ඇමැතිවරුන් වන ලක්‍ෂ්මන් කිරිඇල්ල, ගයන්න කරුණාතිලක, ආචාර්ය හර්ෂද සිල්වා මහත්වරු ද, , මහින්දානන්ද අලුතගමගේ, දිනේෂ් ගුණවර්ධන, සී.බී රත්නායක  යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද, හිටපු කථානායක වී.ජ.මු ලොකුබණ්ඩාර, හිටපු ආරක්‍ෂ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ඇතුළු  පිරිසක් ද එම අවස්ථාවට එක් වූහ.
 
ඡායාරූප - ඉෂාන් සංජීව​