බුත්තල ගෝනගංආරෙන් දිවියෙක් අල්ලා ගනී


කේ ඩී දේවපි‍්‍රය 
 
බුත්තල ගෝනගංආර ප‍්‍රදේශයේ යතුරුපැදිකරුවන් කිහිපදෙනෙකු වෙත අවස්ථා කිහිපයකදී කඩා පැන සපා කා තුවාල සිදුකරන ලද දිවියකු අද (8) වනජීවී නිලධාරින් පිරිසක් විසින් අල්ලා ගනු ලැබීය. 


දිවියා උඩවලව ජාතික වන උද්‍යානය වෙත මුදා හැරීමට ඔවුන් පියවර ගෙන ඇත.