බෙන්තර ජිනානන්ද හිමිට ගාලු සංඝ නායක පදවිය


(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)

ලෝකයේ කිසිදු රටක දක්නට නොමැති පරිත්‍යාගශීලිත්වයක් සහ මානුෂිකත්වයක් ශී‍්‍ර ලාංකීය ජනතාවගේ දක්නට ඇත්තේ බෞද්ධ දර්ශනය පසුබිම් වූ සමාජ වටපිටාව නිසා බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.
බෙන්තර ඓතිහාසික උඩකොටුව බෝධිසමීප භීමතිත්ථ රාජමහා විහාරාධිපති  බෙන්තර ජිනානන්ද හිමියන්ට ගාලූ කෝරළයේ ප්‍රධාන සංඝනායක ධූරය පිළිබඳ සන්නස් පත්‍ර ප්‍රදානය අද(6) ජනපති අතින් සිදු කෙරුණු අතර එහිදී උත්සව සභාව අමතමින් ජනපතිවරයා එසේ කීවේය.
පසුගියදා ඇති වූ ව්‍යසනයේදී ආදරයෙන්, කරුණාවෙන් සහ පරිත්‍යාගශීලිත්වයෙන් යුතුව විපතට පත් ජනතාවගේ දුක්, කදුළු සමග එක්වෙමින් ඔවුන් සනසන්නට සියලූ ජනතාව එකාවන්ව රොද බැඳ සිටියේ බෞද්ධ දර්ශනය මත පදනම් වූ උතුම් මානුෂීය ගුණාංගයන්ගෙන් ශී‍්‍ර ලාංකීය ජනතාවගේ හදවත් පොහොසත් නිසා බව ද ජනපති කීවේය.
එම විහාරස්ථානයේ අභිනව බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍යොත්සවය ද ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පැවැත්විණි.