බෝපිටිය සාන්ත නිකුලා දෙව් මැදුරේ අලුත් අවුරුදට කිරි ඉතිරේ


(අර්නස්ට් ජයතිලක සහ ඇන්ටන් ජයසූරිය )

පමුණුගම බෝපිටිය සාන්ත නිකුලා දේවස්ථානයේදී  කිතුනු දහම් පාසල් සිසු දරු දැරියන් හා ගුරු දෙගුරුන්ගේ සහභාගිත්වයෙන් , සිංහල අලුත් අවුරුදු උත්සවයක් පැවැත්විණි .

ජාතික සමගිය හා හෙල සංස්කෘතිය පිළිබඳව කිතුනු පාසල් සිසු දරු දැරියන්ට අවබෝධයක් ලබාදිමේ අරමුණින්  සාන්ත නිකුලා දහම් පාසල  දේවස්ථාන මිසම්‍ කමිටුව සමග ඵක්ව මෙම උත්සවය සංවිධානය කර තිබුණි .

 ලිප ගිනි මෙලවිම, කිරි ඉතිරවීම , වැඩ ඇල්ලිම , ආහාර අනුභවය , හා හිස තෙල් ගැම, ආදි චාරිත්‍ර අතරට රබන් වැයිම ඇතුළු සංස්කෘතික අංගයන් රැසක් ද, එහිදී පැවැත්විණි .

(මහජන සෞඛ්‍ය ආරක්ෂිත නිතිරිති වලට යටත්ව  සිමිත පිරිසකගේ සහභාගිත්වයෙන් පැවති , මෙම අවුරුදු උත්සවයට විශේෂ දේව මෙහෙයකින් පසුව  සාන්ත නිකුලා දේවස්ථානයේ මිසම් සේවක නිමල් ජයන්ත විදානආරච්චි පියතුමෝ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූහ.