බෝරා නායකයා අගමැති හමුවෙයි


(නිමල කොඩිතුවක්කු)

බෝරා ප‍්‍රජාවේ ආධ්‍යාත්මික නායක ආචාර්ය සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්  මහතා සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් බම්බලපිටිය පිහිටි බෝරා පල්ලියේදී අද (10) පසුවරුවේ සිදුකෙරිණ.

එහිදී ආචාර්ය සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්  මහතා විසින්  අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා  වෙත විශේෂ සිහිවටන සමරු ඵලකයක්ද පිළිගැන්විය.

මෙම අවස්ථාව සඳහා සංචාරක, සංවර්ධන, වනජීවී සහ ක‍්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

බෝරා ප‍්‍රජාවේ ආධ්‍යාත්මික නායක ආචාර්ය සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්  මහතා විසින්  අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට අතට අතදී සුහදව පිළිගත් අයුරු ඡායාරූපයෙන්  දැක්වේ.

(ඡායාරූප : චතුර එස්. කොඩිකාර)