බෞද්ධ සම්මේලන සාමාජිකයෝ අටමස්ථානය වන්දනා කරති


(දයාරත්න ඇඹෝගම)

අන්තර් ජාතික බෞද්ධ සම්මේලනයේ සමාජිකයෝ අද(6) අනුරාධපුර ජය ශ්‍රි මහා බෝධින් වහන්සේ ඇතුළු අටමස්ථානය වැඳ පුදා ගැනිමට එක්වුහ.

කොළඹ කොටුවේ සිට විශේෂ දුම්රියකින් අද අනුරාධර දුම්රිය ස්ථානයට ළඟාවු එම පිරිස පිළිගැනිම සඳහා අනුරාධපුර දුම්රිය ස්ථානයේ විශේෂ උත්සවයක් සංවිධානය කොට තිබිණි.

අන්තර්ජාතික බෞද්ධ සම්මේලනයේ රටවල් 47 ක නියෝජිතයෝ 260 දෙනෙක් අනුරාධපුර පුජා භුමිය වන්දනා කිරිමට එක්වු අතර මේ සදහා භික්ෂුන් වහන්සේලා 132 දෙනමක්ද එක්ව සිටියහ.