මදුරන්කුලියෙන් රාජාලියෙක් හමුවෙයි


(රෝවන් පෙරේරා )


මදුරන්කුලිය මුක්කු තෝඩුවාව  වෙරලාසන්න ප්‍රදේශයේ ගෙවත්තක තුවාල ලබා  වැටී සිටී රාජාලියකු අද(29) කරුවලගස්වැව වනජීවී නිළධාරීන්ට බාර දීමට එම ගෙවත්තෙහි හිමිකරු කටයුතු කර තිබිණි.

‘හෝක් ඊගල්‘ හෙවත් කොණ්ඩ රාජාලියකු ලෙස හඳුන්වන මෙම රාජාලියාගේ වයස  අවුරුදු හතරක් පමණ වේ.

රාජාලියා නිවැසියන්ට හමුවන විට සුළු ලෙස තුවාල ලබා   ඉගිලීමට  නොහැකි තත්වයක සිට ඇති අතර  වනජීවී නිලධාරීන්ට භාර දුන් පසු ප්‍රතිකාර ලබා දීමට ඔවුන් කටයුතු කර තිබිණි.

 රජාලියා සුව වීමෙන් අනතුරුව තබ්බෝව අභය භූමියට මුදා හැරීම සිදු කරන බවත්  එතෙක් ප්‍රතිකාර සඳහා අනුරාධපුර පණඩුලගම පිහිටි පශූ වෛද්‍ය කාර්‍යාලයට භාර දීමට කටයුතු කරන බවත් වනජීවී නිලධාරීහු පැවසුහ.