මන්දකට හසුවී පිඹුරාට වනජීවියෙන් ප්‍රතිකාර


වසන්ත චන්ද්‍රපාල
 
අම්පාර උහන දෙමටමල් පැලැස්ස ප්‍රදේශයේදී මන්දකට හසුවී තුවාල ලැබු පිඹුරෙකුට අම්පාර වනජීවී සෞඛ්‍ය ඒකකයේ සේවකයින් විසින් ප්‍රතිකාර කරනු ලැබිය.


මන්දකට හසුව තිබියදී ගම්වැසියන් කරන ලද දැනුම් දීමකින් පසුව වනජීවි නිළධාරින් පැමිණ මෙම පිඹුරා අම්පාර වනජීවී සෞඛ්‍යය ඒකකය වෙත ගෙනයනු ලැබීය.


එහිදී අම්පාර වනජීවී සෞඛ්‍යය ඒකකයේ පශු වෛද්‍යය නිහාල් පුෂ්පකුමාර මහතාගේ අධීක්ෂණය සහ උපදෙස් මත වන සත්ව අඩවි ආරක්ෂක කිත්සිරි මෙවන් මහතා ඇතුළු නිළධාරින් පිඹුරාට ප්‍රතිකාර කෙරිණි.


දැනට මෙම පිඹුරාට තවදුරටත්  ප්‍රතිකාර ලබාදීම සිදුකරන අතර සුව වු පසුව ජාතික වනඋද්‍යානයකට මුදා හැරීමට කටයුතු කරන බව පශු වෛද්‍යය නිහාල් පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.