මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විවෘත කෙරෙයි


(රොමේෂ් මධුෂංඛ)      

රුපියල් මිලියන 316 ක මුදලකින් ඉදිවූ මන්නාරම් නව දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය අද (19 ) විවෘත කිරීමේ උත්සවය අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවත්විණි.

මහල් පහකින් යුක්ත නව දිස්ත්‍රීක් ලෙකම් කාර්යාල ගොඩනැගිල්ල සඳහා 2014 වසරේදී මුල් ගල තැබුණු බවටත් 2015 වසරේදි ඉදිකිරීම් කටයුතු සිදු කළ බවටත් වසර දෙකක කාලයක් තුළදී ඉදිකිරීම් කටයුතු සිදු කළ අතර ඉදිකිරීම් සඳහා රුපියල් මිලියන 305 ක මුදලක්ද කාර්යාල උපකරණ සඳහා රුපියල් මිලියන 10 ක මුදලක්ද රජය විසින් වැය කොට ඇති බවට මන්නාරම් දිස්ත්‍රීක් දිසාපති එම්.වයි.එස්. දේශප්‍රිය මහතා කියයි.


යුද සමයේ සිට මෙතෙක් මන්නාරමේ පැරණි දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේ රාජකාරි කටයුතු සිදු කළ අතර පහසුකම් නොමැතිව රජ්‍ය නිලධාරීන් මහත් අපහසුතාවයන්ට පත් වූ බවටද මන්නාරම් දිසාපති විසින් පෙන්වා දුන්නේය.