මන්නාරමේ කුඹුරු අක්කර 1000 ක් හරකුන්ට


(රොමේෂ් මධුෂංඛ)

මන්නාරම මුසලී ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් කුඹුරු අක්කර 1100 කට ආසන්න ප්‍රමාණයකට ජලය නොමැති වීමෙන් ගොයම් විනාශ වෙමින් පවතින අතර ඇතැම් ගොවීහු සිය කුඹුරු ගොයම ගවයින්ට කෑමට ඉඩහැර ඇත.

මෙවර මහකන්නයේ වී ගොවිතැන් වෙනුවෙන් වී වගාවට විවිධ කම්කටොලු හමුවේ සිදු කළද බලාපොරොත්තු නොවූ අයුරින් මේ වන තුරු වර්ෂාව නොමැති වීම නිසා සිය ගොයම් අස්වැන්න දිනෙන් දින විනාශ වෙමින් පවතින බවට ගොවියෝ පවසති.

ණය වී ගොවිතැන් සිදු කළද ගොයම් විනාශ වී යාමෙන් තමන් තවත් ණයකරුවෙකු වන බවටත් සිදුව ඇති විනාශය වෙනුවෙන් රජයෙන් වන්දි මුදලක් හෝ තමන්ට ලබාදීමට අදාල බලධාරීන් කටයුතු කරන්නේ නම් තරමක් හෝ අස්වැසිල්ලක් හිමිවන බවයි.

මේ වන විට මන්නාරමේ කුඩා වැව්ද සියල්ලක්ම පාහේ සිඳී යමින් පවතින අතරම වැව් සිඳී යාමෙන් සාමාන්‍ය වැසියනට ද මහත් පීඩා වී සිටින බවටද මන්නාරමේ ගොවීහු වැඩිදුරටත් කියා සිටියහ.