මන්නාරමේ බෝල්ලුන්ට දිවි එපාවෙයි



                       
(රොමේෂ් මධුෂංඛ)

මන්නාරමේ මුහුදු යන ධීවරයින්ට මේ දිනවල එක් මුහුදු මාළු විශේෂයක් අසාමාන්‍ය ලෙසින් හසුවෙමින් ඇති අතර දිනකට මාළු කිලෝ 25,000 කට අධික ප්‍රමාණයක්ද ඉක්මවන බවට මන්නාරම් ධීවරයෝ පවසති.

ගෙවී ගිය දින කිහිපයක සිට මේ දක්වා බෝල්ලු නැමති මුහුදු මාළු විශේෂය මන්නාරම් ධීවරයින්ට අසාමාන්‍ය ලෙස හසු වෙමින් පවතින අතර මේ හේතුවෙන් බෝල්ලු මාළු කිලෝවක් මන්නාරමේදී රුපියල් 150 ත් 200 ත් අතර මුදලකට විකිණීමට හැකිව තිබේ.

බෝල්ලු නැමති මෙම මුහුදු මාළු විශේෂය වැඩි වශයෙන් හසු වීම හේතුවෙන් මේ දිනවල මන්නාරම් ධීවරයින්ගේ ආර්ථිකයටද වාසියක් ඇති අතරම වෙනදා මුහුදු ගමන් ගොස් ගතවන කාලයටත් වඩා දෙගුණයකටත් අඩු කාලයක් තුළදී විශාල මාළු තොගයක් ලැබීම හේතුවෙන් මන්නාරම් ධීවරයින්ට මහත් අස්වැසිල්ලක් වී ඇත.

මේ අතර මන්නාරම් ධීවරයින් වැඩි දුරටත් කියා සිටියේ මෙම මුහුදු මාළු විශේෂය ගැන ඉන්දීය ධීවරයින් දැන ගන්නේ නම් ඔවුන් ට්‍රෝලර් යාත්‍රා වලින් පැමිණ සිදු කරන මසුන් ඇල්ලීමේ ක්‍රමය මගින් තමන්ගේ මාළු ඉල්ලම නැති කිරීමට බොහෝවිට ඉඩකඩ ඇති බවටයි.