මයික් පොම්පියෝ ශාන්ත අන්තෝනි දේවස්ථානයටත් යයි


 

(ශාන්ත රත්නායක)

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා සහ ඔහුගේ බිරිඳ සුසාන් මහත්මිය ඇතුළු දුත පිරිස අද (28) කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට පැමිණියහ.

එහිදී ඔවුහු ශාන්ත අන්තෝනි පිළිරුවට ගෞරවය දැක්වූහ.

කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ භාරකාර පියතුමෝ ඇතුළු පූජකවරුන් වහන්සේලාද එම අවස්ථාවට සහභාගි වූහ.