මස්කෙළිය තේ වතුයායක අඳුන් පැටවු සිව්දෙනෙක්


ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක 

                        
මස්කෙළිය බ්‍රවුන්ලෝ තේ වතුයායේ 56 කොටසේ මව නොමැතිව සිටි කුඩා අඳුන් දිවි පැටවුන් සිව්දෙනෙකු අද (12) පෙරවරුවේදී මස්කෙළිය පොලිසිය සොයාගෙන ඇත.                                             

බ්‍රවුන්ලෝ තේ වතුයායේ කම්කරුවෙක් අද උදෑසන දර කැපීමට ගිය අවස්ථාවේ සිටි මෙම අඳුන් දිවි පැටවුන් දැක මස්කෙළිය පොලීසියට දැන්වූ බව බ්‍රවුන්ලෝ තේ වතුයායේ වතු අධිකාරී හේරත් මහතා පැවසීය.                                                       

මෙම දිවි පැටවුන් සම්බන්ධයෙන් වන ජීවි දෙපාර්තමේන්තුවේ නල්ලතන්නිය කාර්යාලයේ නිලධාරීන් දැනුම්වත් කළ බව මස්කෙළිය පොලිස්ථානාධිපති පොලිස් පරීක්ෂක ටිරෝන් රත්නායක මහතා පැවසීය.