මහ වැස්සෙන් කල්පිටියේ වගා බිම් රැසක් විනාශයි


(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
 
මහ වැසි හේතුවෙන් ජලය බැස නොයාමෙන් කල්පිටිය අර්ධද්විපයේ වගා බිම් රැසක් විනාශ වි තිබේ.
 

දිගින් දිගටම පවතින  මහ වැසි හේතුවෙන් මේ වනවිට කල්පිටිය අර්ධද්විපයේ දළුව , සේතපොල, මාන්පුරිය, ඉලන්තඩිය , නොරෝච්චෝල, ආලංකුඩාව,පනිඅඩිය කඩයමට්ට , නාරක්කල්ලිය, යන ප්‍රදේශවල අක්කර 500 කට ආසන්න වගාබිම් ජලයෙන් යටවි විනාශ වෙමින් තිබෙන බව වගාකරුවෝ පවසති.
 මේ  වන විට ගෝවා , මිරිස් , රතු ළුණු , බිට්රුට් , පිපිඤ්ඤා , කරවිල, ඇතුළු වගාබිම් ජලයෙන් යටවි තිබේන ආකාරය දැකගත හැකිය.

ශ්‍රී ලංකාවේ එළවළු අවශ්‍යතාවයෙන් 30%ක ට ආසන්න දායකත්වයක් කල්පිටිය අර්ධද්විපයෙන් ලබා දිම සිදුවන අතර විටින් විට පැමිණේන ස්භාවික විපත් හා රෝග හේතුවෙන් වගාකරුවන් දැඩි අසිරුතාවයන්ට පත්වි සිටිති .