මහ වැස්සෙන් බදුල්ලේ දියඇලි තර වෙයි


(පාලිත ආරියවංශ) 

මේ දිනවල  බදුල්ල දිස්ත්‍රික්කයට ඇදහැළෙන මහ වැසි නිසා රාවණා ඇල්ල, දුන්හිඳ ඇල්ල , දියලුම ඇල්ල ඇතුළු දියඇලිවල ජලය විශාල වශයෙන් වැඩිවෙමින් පවතී. බදුලු ඔයේ ජල මට්ටමටද ඉහළ ගොස් ඇත. 

මේ තත්ත්වය නිසා දියඇලි පාමුල හා ජලාශවල දියනෑමෙන් ද රාත්‍රී කාලයේ කුඩා දියපහරවල් වලට බැස ඒ හරහා ගමන් කිරිමෙන් ද වළකින ලෙස බදුල්ල දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතා පවසයි.

බදුල්ල - බණ්ඩාරවෙල , බදුල්ල - වැලිමඩ, ඇල්ල -වැල්ලවාය , හපුතලේ-බෙරගල , බදුල්ල- මහියංගනය  යන මාර්ගයවලට පස් කදු ,ගල් හා ගස් කඩාවැ‍ටීමේ අවදානමක් පවතින බැවින් ඒ පිළිබඳව විමසිල්ලෙන් රිය පදවන ලෙස  බණ්ඩාරවෙල පොලිස් අධිකාරි සුදත් මාරසිංහ සහ බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ධම්මික වීරසේකර යන මහත්වරු පවසති.