මහකරාවේ ශ්‍රී ඤාණ විමලතිස්ස නා හිමි ගුණ සැමරේ


අමරපුර  නිකාය  බිහි  කර   ලක්දිව   බුදුසසුන  ජනසතු  කළා වූ  බෝධිසත්ව ගණෝපේත  වැලිතර  මහකරාවේ  ශ්‍රී  ඤාණ විමලතිස්ස නා හිමියන් වහන්සේ   ප්‍රධාන  ආදි කර්තෘන්  වහන්සේලා සිහිපත්  කිරීමේ  සම්භාවනා මහෝත්සවය   ශ්‍රී  ලංකා  අමරපුර  මහා නිකායේ  උත්තරීතර   මහානායක   කොටුගොඩ   ධම්මාවාස  නා හිමියන්ගේ   මූලාසනයෙන්   කොළඹ  ශ්‍රී ලංකා  පදනම්  ආයතනයේ දී  අද   (08 )  සවස  පැවැත්විය . 

1802 දී බුරුමයේ  අමරපුර  දේශයේ  සිට බුදු දහම  මෙරටට  රැගෙන  වැඩම  කළ  බලපිටිය, මෝදර   මාදුනදී  උදකුක්ඛේප  සීමාමාලකයේදී  උපසම්පදා  විනයකර්මය   සිදු  කිරීමෙන්  අනතුරුව අමරපුර නිකාය බිහි කෙරිණි.

මෙම  අවස්ථාවෙදී,මහනගර හා බස්නාහිර පළාත්  සංවර්ධන  අමාත්‍ය  පාඨලී චමිපික රණවක මහතා  වෙත ⁣⁣ ගෞරව  සම්මානයක්  පිරිනැමු අතර මෙම අවස්ථාවට  මහාසංඝරත්නය ඇතුළු , හිටපු  අමාත්‍ය  ලක්ෂමන් යාපා අබේවර්ධන පොලිස්පති  පූජිත් ජයසුන්දර  යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි විය. 

(ඡායාරූප  -    චතුර එස් .කොඩිකාර)