මහත්මා ගාන්ධිගේ ජන්ම දින සැමරුම වෙනුවෙන් සමරු මුද්දර පෙළක්


(අංජුල මහික වීරරත්න)

ඉන්දියාවේ පියා යන ගෞරව නාමයෙන් පිදුම් ලැබූ මහත්මා ගාන්ධි තුමන්ගේ 150 වැනි ජන්ම දින සැමරුම නිමිත්තෙන් ඉන්දීය රජය නිකුත් කළ ගාන්ධි සමරු මුද්දර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පිළිගැන්වීම කොළඹ අරලියගහ මන්දිරයේදී අද (02) සිදුකෙරිණි.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරන්ජිත් සිංසන්දු මහතා විසින් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයාවෙත ගාන්ධි සමරු මුද්දර පිළිගන්වනු ලැබීය.

මෙම අවස්ථාවට ශ්‍රීලංකාව නියෝජනය කරමින් යෞවන කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාද ඉන්දීය රජය නියෝජනය කරමින් ශ්‍රීලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරිහුද සහභාගීවී සිටියහ.

ඡායරූප - ළහිරු හර්ෂණ