මහනුවර ඇසළ මංගල්‍යයේ ප්‍රථම රන්දෝලි පෙරහැර අද


(චමිල් රුපසිංහ)

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ මහා මංගල්‍යයේ  ප්‍රථම රන්දෝලි පෙරහැර අද (21) රාත්‍රී 7.37 ට දකුණු දිශාමුඛව ගමන් ආරම්භ කළේය.

ශ්‍රී දළදා මාළිගාවේ පෙරහැර  දළදා වීදිය (වෝඩ් වීදිය),ඩී එස් සෙනානායක වීදිය ( ත්‍රිකුණාමල වීදිය ) පන්සල පාර ඉහලට පැමිණ දේව වීදිය කොළඹ වීදිය ( ශ්‍රීමත් බෙනට් සොයිසා වීදිය ) ඊ.එල් .සේනානායක වීදිය ( කොටුගොඩැල්ල වීදිය ) හරස් වීදිය,ඩී.එස් සේනානායක වීදිය ( ත්‍රිකුණාමල වීදිය ) රජවීදියෙන් ඉහළටවිත් ගෙවැදීමට නියමිතය.

ප්‍රථම රන්දෝලි පෙරහැර සඳහා අලි ඇතුන් 70 ක් පමණ සහභාගි වන අතර දේශිය සංසකෘතික අංග විශාල ප්‍රමාණයකින් ඇසළ මහා පෙරහැර සමන්විත බව දළඳා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පැවැසීය.

මහනුවර ‍ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රථම රන්දෝලි පෙරහරේ සදාතුක කරඬුව වැඩම කරන ලද්දේ නැදුන්ගමුවේ රාජා ඇතා  මතිනි. දැලේ ඇතුන් ලෙස  ඉන්දි  රාජා සමඟ කතරගම වාසනා ගමන් කරනු ලැබීය.