මහනුවර වැව රවුම පාළුවට ගිහින්


(පී.එම්. රාජපක්ෂ)

මහනුවර දිස්ත්‍රික්කයට සහ නගරයට දින ගණනාවක් තිස්සේ ඇඳිරි නීතීය පැනවීම හේතුවෙන්  දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශණයට ලක්වන ශ්‍රී දළඳා මාළිගා පරිශ්‍රය හා වැව රවුම පාළුවට ගොස් ඇති අයුරු අද (02) දින දක්නට ලැබිණි.
 
මහනුවර වැව රවූම වෙනත් දිනයකදී නම් දෙස් විදෙස් සංචාරකයින් හා වෙළෙන්දන්ගේ පිරි තිබෙන ස්ථානයන් වන අතර දෙනෝදාහක් ගමන් ගන්නා මාර්ගයකි.

නමුත් අද ඒහි උරුමකරුවන් වි ඇත්තේ වෙනදා ඈතින් දකින සත්ත්ව කොට්ඨාශයන් වන කපුටන්, තාරාවන්, වැනි නිදැල්ලේ සැරි සරන සතුන් වේ.

කෙසේ වෙතත් විටින් විට ශ්‍රී දළඳා මාළිගා පරිශ්‍රයේ ආරක්ෂාව සඳහා යොදවා ඇති ආරක්ෂක අංශවල නිලධාරින් හා දළඳා මාලිගාවේ රාජකාරි නිරතවන පුද්ගලයින් පමණක් මෙම පරිශ්‍රයේ දිනවල දක්නට ලැබේ.