මහනුවර හානියට පත් ආගමික සිද්ධස්ථාන වලට මූල්‍ය ප්‍රතිපාදන


(ළහිරු හර්ෂණ)
 
මහනුවර ඇතිවූ කලහකාරී සිදුවීම් අතරතුර හානියට පත් ආගමික සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය හා සංරක්ෂණය කිරීම සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබාදීම අද (06) බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී සිදුකෙරිණි.

 
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ හා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් මෙම මූල්‍ය ප්‍රධාන සිදුකරනු ලැබීය.
 
ඒ අනූව අදාළ ප්‍රදේශයේ හානියට පත් බවට හදුනාගත් ආගමික සිද්ධස්ථාන 19ක් සඳහා රුපියල් ලක්ෂ 19ක මූල්‍ය පරිත්‍යාග  එහිදී සිදුකෙරිණි.
 
තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් , මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක්ද එම අවස්ථාවට එකව සිටියහ.