මහමායාවේ කරාටේ ශූරිය සාපෙළත් ජයගනී


( චමිල් රුපසිංහ)
වෛද්‍යවරියක් විම අනාගත බලාපොරොත්තුව බව අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් දිවයිනෙන්ම දෙවනි ස්ථානය දිනාගත් මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ සමිදි මන්තිළිණි මුණසිංහ සිසුවිය පවසයි.
මහනුවර පේරාදෙණියේ පදිංචි ඇයගේ මව පේරාදෙණිය සිරිමාවෝ බන්ඩාරනායක විශේෂිත ළමා රෝහලේ විශේෂඥවෛද්‍යවරියක් වන සුජීවා සමරවීර හා මහනුවර මාර්ග සංවර්ධන අධිකාරියේ ව්‍යපෘති ඉංජිනේරුවරයෙක් වන අනිල් මුණසිංහ මහතාගේ වැඩිමල් දියණියයි. 
‘මම අධ්‍යාපන කටයුතු කරන අතර භාහිර ක්‍රීඩා වලටද සහභාගි වුනා අධ්‍යාපනික තරග මෙන්ම කරාටේ ක්‍රිඩාවටද සහභාගි වි දිවයිනෙන් දක්ෂතම ක්‍රිඩකයන් 8 දෙනා අතරට එන්නට හැකි වුණා. එදිනෙදා පාසලේ කරන අධ්‍යාපනික කටයුතු එදිනෙදාම ඉවර කර නොදන්න දේවල් වෙනත් ගුරුවරුන්ගෙන් අසා දැනගත්තා. විභාගය කියල හිතට පීඩනයක් ගෙන දෙන විදිහට මම පාඩම් කටයුතු කළේ නෑ‘ යැයි ද ඇය කීවාය.