මහවැලි කඩා ආර වැවේ ගිය ජීවිත තුන


(චන්ද්‍රසේන ගමගේ)

සූරියවැව මහවැලි කඩා ආර වැවේ අට දෙනකු ගමන් කළ ඔරුවක් පෙරලීමෙන් තිදෙනකු මියගොස් ඇතැයි සූරියවැව පොලීසිය පවසයි.

මහවැලි කඩාආර වැවේ අද දහවල්  ඔරු පැදීමට ගිය පිරිසක් මෙම අනතුරට ලක්ව තිබේ. ඔරුව පෙරලීමෙන් අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු දා 10, 16 හා 18 පසුවන්නන් බව පොලිසිය කියයි.ඔවුන් කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පැවසේ.

කුරුණෑගල ප්‍රදේශයේ සිට සූරියවැව ප්‍රදේශයේ ඥාති ගෙදරක පැවැති දානයකට සහභාගී වීමට පැමිණි පිරිසක් අද දහවල් ප්‍රදේශයේ දෙදෙනකු සමග මහවැලි  ආර වැවේ ඔරු පැදීමට ගොස් ඇති බවත් ඒ අතරතුරදී ඔරුව පෙරලී ඇති බවත් පොලිසිය කියයි.

මෙම පිරිස අතර කුඩා දරුවකු ද සිට ඇති අතර එම දරුවා සමඟ ඔරුවේ සිටි පස් දෙනකු දිවි ගලවා ගෙන තිබේ.