මහවැව නගරයේදී අලුත්ම තාලේ විරෝධතාවක්


(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ ඔගස්ටින් ප්‍රනාන්දු)

කොරෝනා එන්නත් ලබා දීමේදී පුත්තලමට අඩු සැලකිලි දක්වන බව කියමින් අලුත්ම ආකාරයේ උද්ඝෝෂනයක් මහවැව නගරයේදී පැවැත්විණි.

කොරෝනා වසංගතය නිසා පොදු ස්ථානවලට එක්වීම සහ උද්ඝෝෂණ පැවැත්වීම අනතුරු දායක බැවින් මිනිස් අනුරූ වල පොස්ටර් එල්ලා ( ඩමි) එම විරෝධතාව සංවිධානය කළේය.

මෙම මිනිස් අනුරූ විරෝධතාවය මහවැව නගර මධ්‍යයේ පිහිටි හෝරා ස්ථම්භය වටා සකසා තිබුණි .

එම අනුරුවල කෝවිඩ් එන්නත් ප්‍රමාද විමට දිස්ත්‍රික්කයේ දේශපාලඥයින්ට චෝදනා එල්ල කර පෝස්ටර් ප්‍රදර්ශනය කර තිබේනු දැක ගත හැකි විය.