මහා නගරයේ අවුරුදු උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්


ඩයනා උදයංගනී

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මගින් සංවිධානය කළ ‘සූර්යාභිෂේකය‘  මහා නගරයේ මහා අවුරුදු උත්සවය අති උත්කර්ෂවත් අයුරින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා අමාත්‍යාංශ ක්‍රීඩා පිටියේදී අද (08) පෙරවරුවේ ආරම්භ විය.   
                
හෙළ සිරිත් විරිත්වලට මුල්තැන දී ආරම්භ වූ මෙම අවුරුදු උත්සවය සාම්ප්‍රදායික අවුරුදු ජන ක්‍රීඩා, මෙන්ම තවත් තරග රැසකින් සමන්විත විය.  දිවයිනේ නන් දෙසින් පැමිණි සිංහල, දෙමළ මුස්ලිම් සියළු ජන කොටස් විශාල සංඛ්‍යාවක් මෙම අවුරුදු උළෙල සඳහා සහභාගී වී සිටීම ද විශේෂත්වයකි.  
 
  අමාත්‍ය චම්පික රණවක මහතාගේ  සංක්ලපයකට අනුව රාජ්‍ය හා පෞද්ගලික අංශයේ දායකත්වය ඇතිව මෙම අවුරුදු උත්සවය සංවිධානය කර තිබිණි.
 
මෙයට සමගාමීව  වෙළඳ සල්පිලක් ද දවස පුරා පැවැත්වෙන අතර සන්ධ්‍යාවේදී මියැසි ප්‍රසංගය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සංස්කෘතික සංදර්ශනය කතානායක කරූ ජයසූරිය  මහතාගේ ප්‍රධානත්වයෙන් ටොරින්ටන් චතුරස්‍ර පරිශ්‍රය, සහ ආකේඩ් පරිශ්‍රය ආශ්‍රිතව සංවිධානය කර තිබිණි.