මහා බෝධි සංගමයේ නියෝජිත පිරිසක් අගමැති හමුවෙයි


මෙරට සංචාරයක් සඳහා පැමිණ සිටින ඉන්දියානු මහා බෝධි සංගමයේ නියෝජිත පිරිස අද (29) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.
 
50 දෙනෙකුට ආසන්න දූත පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.එහිදි එක් සාමාජිකාවක අග්‍රාමාත්‍යවරයා වෙත සමරු තිළිණයක් පිළිගැන් වූ අතර මෙම අවස්ථාවට බුද්ධසාශන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම මහතාද සහභාගී විය.

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි