මහා සංඝරත්නය අපහසුවෙන් සිටියදී ඇමතිවරු සැප පුටුවල




(මාවනැල්ල සමන් විජය බංඩාර)
උත්සවයක් සඳහා පැමිණි ස්වාමීන්වහන්සේ නමක් අපහසු අසුනක අසීරුවෙන් අසුන්ගෙන සිටියදී ඇමතිවරුන් සැප පුටුවල සිටි අකාරය  අද (30) අරණායකදි දැක ගැනිමට හැකි විය. මෙම උත්සවය සංවිධානය කර තිබුණේ නිවාස හා ඉදිකිරිමේ අමාත්‍යංශය මගින් නිවාස ණය ආධාර ලබා දිම වෙනුවෙනි.
උත්සවය සංවිධානය කරන ලද පිරිස් එහි වැඩම කළ මහා සංඝරත්නයට පනවා තිබු ආසන  නිසා උන්වහන්සේලා ඉතා අපහසුවෙන් සිටි අයුරු එහි ගිය ඕනෑම අයකුට පහසුවෙන් දැකගත හැකිවිය. උත්සවය උදෑසන 9.30 ආරම්භ විමට සැලසුම් කර තිබුණත් අමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් උත්සවයේ වැඩ කටයුතු ආරම්භ වන විට දහවල් 11.00  පසුවී තිබිණ.
උත්සවය සඳහා මුලින්ම වැඩම කරනලද නායක ස්වාමින් වහන්සේ දෙනමගෙන් එක් ස්වාමින් වහනේසේ නමක් උත්සවය ආරම්භ කිරීමට ප‍්‍රමාද වු නිසා එම ස්ථානයෙන් පිටත්ව ගියහ. උන්වහන්සේලා දෙනමටම අසුන් ගැනීමට පනවා තිබුණේ සාමන්‍යයෙන් හෝටලයක උත්සව අවස්ථාවේ භාවිතා කරන පුටුය. එහෙත්  මැති ඇමැතිවරුන්ට සැප පුටු යොදා සූදානම් කිරීමට සංවිධායක මණ්ඩලය  කටයුතු යොදා තිබිණ.
නිවාස හා ඉදිකිරිමේ අමාත්‍යංශය මගින් නිවාස ණය ආධාර බෙදා දීම වෙනුවෙන් සංවිධානය කරන ලද මෙම උත්සවයේදි ප‍්‍රතිලාභින් 1000 කට රුපියල් ලක්ෂ 1635 නිවාස ණය අධාර ප්‍රදානය කෙරිණ.