මහා සුළගකින් පුත්තලමේ නිවාස 300 කට හානි


 

හිරාන් ප්‍රියංකර ජයසිංහ

පුත්තලම ඇතුළු ප්‍ර‍‍දේශ රැසක් හරහා අද ( 15 ) සවස හමා ගිය මහා සුළගකින් නිවාස 300 කට වැඩි සංඛ්‍යාවකට හානි සිදුව ඇති බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

ආපදා කලමනාකරණ ඒකකය පවසන්නේ මෙම සුළග ආණමඩුව , පුත්තලම ,කරුවලගස්වැව , නවගත්තේගම ,යන ප්‍රදේශ වෙත 15 සවස 4 ට පමණ හමා යාමෙන් බරපතල හානි සිදුව ඇති බවයි.

සුළි සුළගත් සමග නවගත්තේම ප්‍රදේශයට අයිස් වැස්සක් ද පතිත වී ඇති බව ජනතාව පවසයි.

ගස් ඉදිරී ගොස් නිවෙස් මතට කඩා වැඩි විශාල හානි සිදුව බව ජනතාව පවසයි.

එසේම මෙම සුළග හේතුවෙන් මාර්ගවල ගස් අධිබල විදුලි පද්ධති හා ග්‍රාමිය විදුලි පද්ධති මතට කඩා වැටිමේන් ගම්මාන 40 ක පමණ පවුල් 15000 කට ආසන්න සංඛ්‍යාවකට විදුලිය සම්පුර්ණයෙන් නැවති ඇති බව ආණමඩුව හා පුත්තලම විදුලි බල මංඩල නඩත්තු අංශ පවසයි .

සුළි සුළගින් සවස් වන විට නිවාස 300 කට ආසන්න සංඛ්‍යාවක් ආපදා සහන නිළධාරින් ,ග්‍රාම නිළධාරින් ගණන් බලා ඇතත් එය වැඩි විය හැකි බවද වාර්තා වේ .

සුළග හේතුවෙන් වගා බිම් රැසක් සම්පුර්ණයෙන් විනාශ වි ඇති බව ගොවියෝ පවසති.

එසේම නවගත්තේගම වේලේවැව ප්‍රදේශයේ දැවැන්ත ගොඩනැගිල්ලක වහලය දැවැන්ත යකඩ තාප්ප ද සමග මිටර් 200 දුරට ගසා ගෙන ගොස් තිබෙනු දැක ගත හැකිවිණි.

ආපදාවෙන් පිඩාවන්ට පත්වු පිරිස වෙත කඩිනමින් සහන සැලසිමට රාජ්‍ය නිළධාරින් කටයුතු කරමින් සිටි.