මහානාම පාසලේ බුදු මැදුරත් මහානාම අතින් විවෘත වෙයි


(රොමේෂ් මධුෂංඛ)

හිටපු ක්‍රිකට් ශූරයෙකු හා වත්මන් ජාත්‍යන්තර තරඟ තීරකවරයෙකු වන රොෂාන් මහනාම මහතා  වව්නියාව වෙහෙරතැන්න ගම්මානයේ ඉදිකළ රොෂාන් මහානාම ප්‍රාථමික විදුහලේ බුදු මැදුර විවෘත කළේය.

වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කුමුදු පෙරේරා මහතාගේ උපදෙස් මත වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් සේනාංක වල ශ්‍රම දායකත්වයෙන් ඉදිකරන ලද මෙම බුදු මැදුරට මූල්‍ය දායකත්වයන් ලබා දෙනු ලැබුවේ බම්බලපිටිය සිරි වජිරාරාම විහාරස්ථානයේ නායක ත්‍රීකුණාමලයේ ආනන්ද  නාහිමියන් හා එම විහාරස්ථානයේ ශාශනික සේවිකා සමිතියයි.

මීට පෙර වෙහෙරතැන්න ගම්මානයේ ඉදිවූ ප්‍රාථමික පාසල රෝෂාන් මහනාම මහතා ගේ මූල්‍ය දායකත්වයන් ඉදිකෙරිණි.

බුදු මැදුර විවෘත කිරීමෙන් පසු ගම්වාසීන්ට වියලි සලාක බඩු මලුද දරුවන්ට අධ්‍යපනික උපකරණද මහානාම මහතා අතින් පිරිනමනු ලැබීය.

ඊට අමතරව පාසලට අවශ්‍ය පානීය ජලය වෙනුවෙන් නළ ළිඳක් හා පුස්තකාලයට අවශ්‍ය පොත්පත් ලබා දීමද කැන්ඩිලා ඒඩ්ස් ආයතනයේ රාජිත ප්‍රනාන්දු මහතා අතින් සිදුකෙරිණි.