මහැදුරු කාලෝ ඇතුළු පිරිසගෙන් විජයට හරසර


(ප්‍රසාද් මුතුකුඩ)

විජය කුමාරණතුංග මහතාගේ 72වැනි ජන්ම දිනය නිමිත්තෙන් පුෂ්පෝපහාර පුදකිරීමක් අද(9) සීදුව විජය කුමාරණතුංග පිළිරුව අබියස දී පැවැත්විණි.

මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා සහ කලාකරුවෝ ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ. විජය කුමාරණතුංග අනුස්මරණ රෝහල අසල විජය කුමාරණතුංග අනුස්මරණ පුස්තකාලය විවෘත කිරීමද අද සිදුවිය.