මහින්ද - මෛත්‍රී සාක්කිකරුවෝ වෙති


රාජ්‍ය ඇමති ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතාගේ පුත් පසඳ යාපා අබේවර්ධන මහතාගේ විවාහ මංගලෝත්සවයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකම මේසයේ එකළඟ අසුන්ගෙන සිටියහ. විවාහයේ සාක්‍ෂිකරුවන් ලෙසින් අත්සන් කළේද හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය.