මහින්ද කොළඹ පාසල් කිහිපයක සංචාරයක


ළහිරු හර්ෂණ

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු මේ වසරේ දෙවැනි පාසල් වාරය සඳහා ළමුන් පැමිණිමේ අඩුවක් දක්නට ලැබුණු අතර අද (21) වනවිට ළමුන් පැමිණීමේ ප්‍රමුඛතාවයක් දක්නට ලැබිණි.

සියලු පාසල් සඳහා ආරක්ෂාව සැපයීම ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ ආරක්ෂාව ලබාදී ඇති බැවින් පාසල්වලට ලමුන් යොමුකරන ලෙසට විපක්ෂයෙන් පසුගියාදා ඉල්ලීම් කරනු ලැබීය.

ඒ අනූව විපක්ෂනායක හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද කොළඹ පාසල් කිහිපයක සිසුන්ගේ පැමිණීම දැකගැනීමට එක්විය.

විපක්ෂනායකවරයා තර්ස්ටන්, රාජකීය, විශාකා හා බම්බලපිටිය හින්දු යන විද්‍යාලවල සංචාරයක නිරතවිය. 

මෙම අවස්ථාවට විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ හා කනක හේරත් මහතා ද එක්ව සිටියහ.