මහියංගණයේදී මියගොස් මඩකලපුවේදී මිහිදන්වෙති


(වසන්ත චන්ද්‍රපාල)

මහියංගනය ජාතික පාසල ඉදිරිපිට දී සිදුවු රිය අනතුරෙන්  මියගිය 10 දෙනාගේ අවසන් කටයුතු අද (18) මඩකලපුවේ ස්ථාන දෙකකදී සිදුකරනු ලැබීය.

මිය ගිය සියලු දෙනාගේ සිරුරු මඩකලපුව ශාන්ත සෙබෙස්තියන් දේවස්ථානය වෙත ගෙනවිත් එහිදී ආගමික වතාවන් පවත්වනු ලැබීය.

මෙම අනතුරින් මියගිය ලිස්ටර් ඇලෙක්සෙන්ඩර්,නිසලි ඇලෙස්සෙන්ඩර්,පයිගා ඇලෙස්සෙන්ඩර්,හැනලි ඇලෙක්සෙන්ඩර් ,වෙලාන්ටන් ජොබ්ස් සහ සිල්වියා ජොබ්ස් යන අයගේ අවසන් කටයුතු මඩකලපුව කල්ලියාන් කාඩු කතෝලික සුසාන භුමියේදී සිදු කෙරිණි.

අනෙක් දේහයන් කන්නාමුනේ සැඩෝ දේවාස්ථානයේදී ආගමික වතාවත් පවත්වා  ජුඩ් හෙන්රි, මරියා හෙන්රි,සෙයිඩ් හෙන්රි,සෙරබි හෙන්රි යන එකම පවුලේ සිව්දෙනාගේ දේහයන් කන්නාමුනේ කතෝලික සුසාන භුමියේදී එකම වලක මිහිදන් කරනු ලැබීය.