මාතර පොලිස් වීරයා අවසන් ගමන් යයි


(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

මාතර නගරයේ ප්‍රසිද්ධ ස්වර්ණාභරණ වෙළෙදසැලක් කොල්ලකෑමට පැමිණී පාතාල කල්ලියක් සමඟ වික්‍රමාන්විතව සටන් කර ගිනි අවිය ක්‍රියා විරහිත වීම නිසා කොල්ලකරුවන්ගේ වෙඩි ප්‍රහාරයට ලක්ව මිය ගිය පොලිස් සැරයන් සුරංග ප්‍රදීප් වීරසිංහ  (33) මහතාගේ දේහය මාතර පොදු සුසාන භූමිය වෙත අද (24) සවස රැගෙන ගියේය


ඔහුට අවසන් ගෞරව දැක්වීම සදහා ප්‍රධාන මාර්ගය දෙපස ද දහස් ගණනින් ජනතාව රැස්ව සිටියහ.