මාධ්‍ය පුරෝගාමීන් 10කට උපහාර


ඩයනා උදයංගනී
 
ශ්‍රී ලංකා පත‍්‍ර කලා සංගමයේ 62 වැනි සංවත්සර උළෙල ප‍්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී අද (11) පැවැත්විණි.
 
දැනට වයෝවෘද්ධ හා විශ‍්‍රාමික සුවයෙන් පසුවන මාධ්‍ය ක්ෂේත්‍රයේ පුරෝගාමී දැවැන්තයින් 10 දෙනෙකුට උපහාර දැක්වීම ද මෙහිදී සිදුකෙරිණි.
 
සාහිත්‍යධරයෙකු, සිනමා විචාරකයෙකු, ග‍්‍රන්ථ කර්තෘවරයෙකු හා කවියෙකු වන අර්නස්ට් පෝරුතොට පියතුමන් , ලංකාදීප පුවත්පතේ හිටපු ප‍්‍රාදේශීය ප‍්‍රවෘත්ති කර්තෘ සහ වෙබ් කර්තෘ ඩබ්ලිව්.ජී ගුණරත්න, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සන්ඬේ ටයිම්ස් පුවත්පතේ උපදේශක පී. බාලසිංහම්, ප‍්‍රවීණ ගුවන්විදුලි මාධ්‍යවේදිනී සුමනා ජයතිලක, ප‍්‍රවීණ ප‍්‍රාදේශීය ප‍්‍රවෘත්ති වාර්තාකරු රිච්මන්ඞ් වීරසේකර, ප‍්‍රවීණ ප‍්‍රාදේශීය මාධ්‍යවේදී ගාමිණි පුටුහපුව, ලේක්හවුස් ආයතනයේ හිටපු සභාපති  ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලක්‍ෂ්මන් ජයවර්ධන, දිවයින දිනපතා පුවත්පතේ හිටපු ප‍්‍රධාන කර්තෘ මෙරිල් පෙරේරා, සන්ඬේ ඔබ්සවර් පුවත්පතේ හිටපු ප‍්‍රවෘත්ති කර්තෘ එස්.සෙල්වකුමාර්, සන්ඬේ ඔබ්සවර් පුවත්පතේ හිටපු ප‍්‍රවීණ මාධ්‍යවේදී ආනන්ද අගලකඩ මහත්ම මහත්මීහු  දයා ගමගේ මහතා අතින් උපහාර තිළිණ ලැබූහ.  
 
ඡායාරූප චතුර එස්. කොඩිකාර