මාර්ගය අවහිර කළ සයිටම් විරෝධී සිසුන්ට කඳුළු ගෑස්


(මුදිතා දයානන්ද/ ඡායාරූප - ඉෂාන් සංජීව)
සයිටම් ආයතනයට විරෝධය පළ කරමින් බොරැල්ලේ සිට කොළඹ ලෝටස් පාර ජනපති ලේකම් කාර්යාලය දක්වා පාගමනින් පැමිණි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන්ට අද (13) පොලිසිය විසින් කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කරනු ලැබීය.

ලෝටස් පාර අවහිර කරමින් උද්ඝෝෂණයේ යෙදුණු සිසුන් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ අතර සිසුන්ට ජනපති ලේකම් කාර්යාලයට යෑමට අවස්ථාව නොලැබිණි.